Pages

Monday, November 14, 2011

වසර 30 කට පසුව සිදුවන සෙනසුරු ග්‍රහා මාරුව ඔබේ ලග්නයට මෙය බලපාන්නේ මෙසේය....

සුවිශේෂී ග්‍රහ මාරුවක්‌ හෙට එනම් 15 දා සිදුවන්නේය. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා එසේ මාරුවන්නේ වසර දෙකහමාරක්‌ පමණ ගමන් කළ කන්‍යා රාශියෙන් තුලා රාශියටය. තුලා රාශිය සෙනසුරුගේ බලය උපරිම ලෙස ඇතිකරවන උච්ච රාශියයි. මෙම ග්‍රහ මාරුව සිදුවන්නේ වසර තිහකට වරක්‌ වන බැවින් සුවිශේෂී වෙයි.     
                           වැඩ කරන ජනතාව හෙවත් පීඩිත පංතිය නියෝජනය කරන ශනි උච්චවීම සේවකයා රජවීමක්‌ හා සමානය. එබැවින් මෙම ග්‍රහ මාරුව සිදුවීමෙන් පසුව තමන්ට සිදුවිය හැකි හොඳ නරක හෙවත් ශුභාශුභ දැනගැන්ම බහුතර ජනතාවගේ කැමැත්තයි. ග්‍රහ මාරුවක්‌ සෑම පුද්ගලයකුටම මෙන්ම පොදුවේ රටට ද, රජයටද විපක්‍ෂය හා අනෙකුත් විවිධ අංශයන්ට මෙන්ම කාලගුණයට ද කරන බලපෑම අනිවාර්යය වන අතර ජ්‍යෙdතිෂය ගොඩනැගී ඇත්තේද මෙම සිද්ධාන්ත සැලකිල්ලට ගැනීමෙනි.

 නොවැම්බර් 15 තුලාවට පිවිසීම, 2012 පෙබරවාරි 7 වක්‍රවීම, 2012 මැයි 16 (නැවත) කන්‍යා, 2012 ජුනි 25 නිවෘතවීම, 2012 අගෝස්‌තු 04 තුලා, 2013 පෙබරවාරි 18 වක්‍ර, 2013 ජුලි 08 නිවෘත, 2014 මාර්තු 04 වක්‍ර, 2014 ජුලි 21 නිවෘත, 2014 නොවැම්බර් 02 වෘශ්චිකයට මාරුවීම වශයෙනි.

 මෙම ග්‍රහ මාරුව ගැන ශුභාශුභ විමසන විට කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රය, විශ්ව කේන්ද්‍රය, 2011, 2012, 2013, 2014 යන වසර වල සංවත්සර කේන්ද්‍ර, මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ කේන්ද්‍රය, විපක්‍ෂ නායකතුමාගේ කේන්ද්‍රය සමග තත්කාල ග්‍රහචාරය විමර්ශනය කළ යුතු වන්නේ ය. ඔබට නැතහොත් පොදු ජනතාවට එය බලපාන ආකාරය ගැන දැනගැනීමට ලග්න 12 පිළිබඳ විමසිය යුතු වන්නේය.

 තවද ශනි මාරුව සිදුවන්නේ කන්‍යා ලග්නය හිමි අයගේ ශනි ඒරාෂ්ටක අපලයන් අවසන් කරමිනි. එබැවින් ජනාධිපතිතුමාට මෙම අපල කාලය නිමවන බව පෙනේ. එහෙත් ඉහත ශනි වක්‍රවන 2012 පෙබරවාරි – මැයි අතර නැවත එය යෙදී නිමාවනු ඇත. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කේන්ද්‍රයේ ශනි අට වැන්නට පැමිණ එරාෂ්ඨක වීම සැලකිය යුත්තකි. ශනි මාරුව ලග්න දොළහට බලපාන්නේ මෙසේය.


ඔබේ ලග්නයට මෙය බලපාන්නේ මෙසේය


මේෂ


මේෂ ලග්නය හිමි ඔබේ ජීවිතයට සහයෝගය දෙන අය අලුතින් එක්‌වේ. විවාහ අපේක්‍ෂාවෙන් සිටි අයගේ අරමුණු ඉටු වේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. විවාහ සහකරුට ද ශුභයි. නිවාස ඉදිකිරීම් වලට ශුභය. එහෙත් ඉදිරි වර්ෂය නිමවන තෙක්‌ රාහු 8 ගමන් කරන බැවින් උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග ඇති වීමට හේතුයි. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.


වෘෂභ
ශනි මාරුව සිදුවන්නේ ඔබේ කේJද්‍රයේ හය වැන්නටය. පැවැති අසනීපවලින් සුවය ලැබේ. සතුරන් පරාජය වන කාලයකි. නැතහොත් සතුරු කරදර අවසන් වේ. ණය වලින් නිදහස්‌ විය හැකි වේ. සේවක පක්‍ෂයේ සහයෝගය වර්ධනය වේ. තරගවලින් ජය ලැබේ. එහෙත් ගුරු 12 ගමන් කරන නිසා දැඩි අවිවේකී බවක්‌ පවතී.

මිථුන
ස්‌වැනි භාවයට යන සෙනසුරු එහි බලවත් වීමෙන් මිථුන හිමි ශිෂ්‍යයන්ට වෙහෙස මහන්සි වී ඉගෙනීමට සිත යොමු වේ. ප්‍රේම සබඳතා පවත්වන අයට විවාහයට මඟ සැලසේ. බලාපොරොත්තු නොවූ ආකාරයේ දේපළ ලාභ හිමිවේ. දරුවන් අපේක්‍ෂා කළ අයට දරු ලාභ ලැබේ. සමාජශීලී වේ. ව්‍යාපාරිකයන්ට ආයෝජන වලින් ප්‍රතිඵල ලැබේ. එහෙත් රාහු 6 ගමන් කරන බැවින් සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුය. රහස්‌ සතුරන් ඇති වේ.

කටක
හතරවැන්නේ ශනි උච්ච වේ. හිතේ ධෛර්යය හා උත්සාහය වැඩි වේ. විවාහ මංගල කටයුතු සාර්ථක වේ. ගොවිතැන් සාර්ථක වේ. නිවාස ඉදිකරමින් සිටි අයට ඒවා අවසන්කර ගැනීමට ලැබේ. කෞතුක දේ හා පැරැණි උරුමයන්ට හිත ඇදී යයි. මව්පස වැඩිහිටි ඥතිවරයන් සමඟ නව සබඳතා ඇති වේ. පැරැණි නිවාස අලුත් කරන කාලයකි.

 සිංහ
ශනි අපල කාලය නිමා වෙයි. උත්සාහය මෙන්ම අධික වීර්යය ද ඇතිව ක්‍රියාකරයි. සහෝදරයන් හා අසල්වාසීන් අතර සබඳතා අලුත් වේ. සතුටුදායක ගමන් නිතර යෙදේ. සිංහ ලග්නය හිමි අයගේ විවාහ සහකරුට ද ශුභපලදායකය. කලින් පැවැති අසනිප සුව වේ. සිංහ හිමි ලේඛකයන්, චිත්‍ර ශිල්පීන්, සැලසුම් ශිල්පීන්, ඉංජිනේරුවන් හා පොලිස්‌ හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ඉතා ශුභ ඵල ලැබේ. නමුත් 2012 අග දක්‌වා නිශ්චල දේපොළ පිළිබඳ අවුල් හා මවුපියන්ට අපල ඇති වේ.

කන්‍යා
2009 සිට පැවැති ලග්න ඒරාෂ්ඨක අපල කාලය නිම වෙයි. රැකියා බාධා ඉවත් වේ. නිශ්චල දේපොළ පිළිබඳ දියුණුවක්‌ ඇති වේ. එහෙත් ඒරාෂ්ඨක අපලය අවසන් වීමට ජන්ම පත්‍ර අනුව මාස කිහිපයක්‌ ගත විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදේ. කතාව නිසා පවුලේ අඩදබර හා හිතවතුන් අමනාප විය හැකි කාලයකි. ගුරු 8 ගමන් කරන නිසා දැඩි අවිවේකී බවක්‌ තිබේ. 


තුලා
 ලග්න භාවයේ ශනි උච්ච වීම ශුභයි. ධෛර්යය හා උත්සාහය කැප වී ක්‍රියාකිරීම, ඉවසීම යන ගුණාංග වැඩි වේ. වැඩිහිටියන්ගේ ප්‍රසාදය ලැබේ. ගෙදර දොර හා දරුවන්ගේ කටයුතුවල දියුණුවක්‌ ඇතිවන කාලයකි. නමුත් රාහු 2 බැවින් අධික වියදම් ඇති වීම 2012 අග දක්‌වා පවතිනු ඇත. මේ නිසා වියදම් කිරීමේදී දූරදර්ශී විය යුතුයි. මුදල් ආයෝජනය කරන ව්‍යාපාරවලින් ලාභ ලැබේ.


වෘශ්චික
 වෘශ්චික ලග්න හිමියන්ගේ ශනි 12 උච්ච වන අතර 2012 අග දක්‌වා රාහු ලග්නයේ නීචව ගමන් කිරීමත් ගුරු 6 ගමනත් එතරම් ශුභ නැත. වියදම් පාලනය කර ගත හැකි නමුදු නිතරම මානසික අසහනය, ව්‍යාකූල බව, කේන්ති යැම, විවාහ ගැටලු ඇතිවේ. මේ නිසා ශනි හා රාහු අපලවලට ශාන්තිකර්ම කර ගත යුතුය.

ධනු
11 ශනි උච්ච වීම ශුභයි. ආදායම් මාර්ග ඉහළ යයි. වැටුප් වැඩි වේ. උසස්‌ අයගේ ඇසුරට පත් වේ. ඉඩකඩම්වල දියුණුවක්‌ ඇති වේ. ගොඩනැඟිලි වැඩ ඇරඹීමට ශුභ කාලයකි. එමෙන්ම දරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ දියුණුවට කරුණු සැලසේ. ආයෝජනවලින් ලාභ ලැබේ. විදේශ ගමන් සාර්ථක වේ. අලුත් එහෙත් ගුණවත් වැඩිමහල් මිතුරන් ඇතිවන කාලයකි. ඉඩමක්‌ මිලට ගැනීමට සුදුසුම කාලයකි.

මකර
10 වැන්නේ ශනි බලවත් වීම ඉතා ශුභයි. තම ජීවිතයේ බැබලෙන කාලයක්‌ යෑයි කිව හැකි වේ. රැකියා වලින් උසස්‌ වේ. ව්‍යාපාර සාර්ථක වේ. සේවකයන්ගේ සහයෝගය උනන්දුව වැඩි වේ. උසස්‌ අයගේ ප්‍රශංසා ලැබෙන කාලයකි. නමුත් මෙම ලිපියේ මුලින් දක්‌වා ඇති ශනි “වක්‍ර” වන කාල සීමාවන්හිදී මෙම ශුභඵල හීන වී යයි.

කුම්භ
වසර 2009 සිට පැවැති සෙනසුරුගේ ඒරාෂ්ටක අපල කාලය නිමවීම ඇරඹේ. පෙරපින වාසනාව මතු වේ. භාග්‍යය දෙවිපිහිට ලැබෙන බව දැනෙන කාලයකි. ආගම භක්‌තිය ඉහළ යයි. උසස්‌ අධ්‍යාපනය පිළිබඳව කටයුතු කරන අයට ශුභඵල ලැබේ. පැවැති කරදර බාධක ක්‍රම ක්‍රමයෙන් නිම වනු ඇත.

 මීන
මීන ලග්න හිමියන්ටද උදාවන්නේ ශනි ඒරාෂ්ඨක කාල සීමාවකි. වියදම් පැත්ත ඉහළ යනු ඇත. හිතවතුන් අමනාප වීම, ආදායම් පහළ වැටීම, සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි. මේ අපල 2012 මැයි සිට විශේෂයෙන් බලපානු ඇත. ශනි අපලයට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කරගන්න. ආගමික ජීවිතයක්‌ ගත කරන්න.


ඉහත ශුභාශුභ ශනිගේ මහ දශා හා අන්තර් දශා ගත කරන අයට වැඩිපුර දැනෙනු ඇත.


ඔයාලා බැලවනම් ඔයාලාගේයාලුවන්ටත් මෙය SHARE කරන්න
 කොමෙන්ට් කරන්න ලයික් කරන්න..........

(උපුටා ගැනීමකි)

Friday, October 7, 2011

ජිවිතයෙදි දැන ගත් යුතු දේවල්


අප දැන ගත් යුතු දේවල්
 සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසුය.පිහි මුවහතෙහි වර්ගඵලයට වඩා නූලෙහි වර්ගඵලය අඩුය. වර්ගඵලය අඩු වන විට යෙදෙන පීඩනය වැඩිවේ. ඒ නිසා වඩා පහසුවෙන් සබන් කෑල්ල කපා ගත හැකිය.* පීඩන උදුනකින් කඩල තැම්බීමට ගතවන කාලය සාමාන්‍ය උදුනකින් ඒ සඳහා ගත වන කාලයට වඩා ඉතා අඩුය.පීඩන උදුනක් තුළ පීඩනය අධිකය. එම නිසා කඩල සමඟ ඇති ජලයේ තාපාංකය ඉහළ යයි. සෙන්ටි ග්‍රේඩ් අංශක 100 දී ජලය හුමාලය බවට පත් නොවී ජලයේ උෂ්ණත්වය ඉහළ යයි. එම නිසා කඩල ඉක්මනින් තැම්බේ.* හොඳින් ආලෝකය ඇති තැනක සිට කාමරයක් තුළට පැමිණි විගස මද වේලාවක් යනතුරු කාමරය තුළ ඇති භාණ්ඩ නොපෙනේ.ඇසේ කණීනිකාව හොඳින් ආලෝකය ඇති විට කුඩා වේ. ආලෝකය අඩු වූ විට විශාල වේ. ආලෝකය ලැබෙන ස්ථානයේ සිටින විට කුඩා වූ කණීනිකාව කාමරයට පැමිණි විගස විශාල නොවීමෙන් කාමරය තුළ අඩංගු භාණ්ඩ පැහැදිලිව නොපෙනේ.* සහල්වල ඇති ගල්, වැලි ගැරීමෙන් ඉවත් කළ හැක්කේ කෙසේද?ගල්, වැලිවල ඝනත්වය සහල්වල ඝනත්වයට වඩා වැඩිය. එම නිසා සහල්වලට වඩා ගල් වැලි යටට යයි. සහල් ගැරීමේදී ඝනත්වයෙන් අඩු සහල් ඉවත් වන අතර ඝනත්වයෙන් වැඩි ගල් වැලි භාජනය පතුලේ රැඳෙ.* කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට පිටි පිපෙන්නේ නැත.පිටි පිපීම සඳහා භාවිතා කරන ආප්ප සෝඩා හෙවත් සෝඩියම් බයි කාබනේට් මඟින් කාබන් ඩයොක්සයිඩ් සෑදේ. නමුත් කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට කාබන් ඩයොක්සයිඩ් සෑදීම සිදු නොවන නිසා පිටි පිපීම සිදු නොවේ.* පලතුරු නරක් නොවී තබා ගැනීම සඳහා ඒවා සාන්ද්‍ර සීනි ද්‍රාවනයක බහා තබනු ලැබේ.පලතුරු මත ක්ෂුදු ජීවීන්ගේ වර්ධනය නිසා ඒවා නරක් වේ. නමුත් පලතුරු සාන්ද්‍ර සීනි ද්‍රවණයක් තුළ බහා තැබීමේදී සීනි ද්‍රාවණයේ සාන්ද්‍රනය වැඩි නිසා පලතුරුවල ජලය සීනි ද්‍රාවණය මගින් උරා ගනී. එවිට ක්ෂුදු ජීවීන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය ජලය නොලැබී යාමෙන් වර්ධනය අඩාල වීම නිසා පලතුරු නරක්් නොවේ.* විකිනීමට තබා ඇති පලා ගොඩවල් මතට නිතර නිතර ජලය ඉසිනු ලැබේ.පලා ගොඩවල් මතට ජලය ඉසීමෙන් ඒ අවට වාතයේ ආර්ද්‍රතාවය වැඩි වේ. මේ නිසා පලාවල උත්ස්වේදනය මඟින් ජලය ඉවත් වී යාම අඩු වී පලා වියළීමෙන් ආරක්ෂා වේ.* හාල්මැස්සන් කරවල තක්කාලි දමා පිසීම සුදුසු නොවේ.හාල්මැස්සන්ගේ වැඩිපුර කැල්සියම් අඩංගුය. තක්කාලි වල ඔක්සැලික් අම්ලය තිබේ. මේ දෙක එකතුවීමේ දී කැල්සියම් ඔක්සලේට් නමැති ජලයේ එතරම් දිය නොවන ස්ඵටික සාදයි. මේවා මුත‍්‍රාශයේ බිත්තිවල තැන්පත් වීමෙන් මුත‍්‍රා රෝග සෑදීමට හේතු වෙයි. * මඤ්ඤොක්කා තම්බන විට බඳුන විවෘතව තබන්න.මඤ්ඤොක්කාවල සයනයිඩ් සංයෝග ඇත. ඒවා සිරුරට විස සහිතය.මඤ්ඤොක්කා තැම්බීමේදී සයනයිඩ් සංයෝග වාෂ්ප වී යයි. නමුත් බඳුන වසා තැම්බූ විට මෙම සයනයිඩ් පිට නොවී බඳුන තුළම රැඳී ජලයේ දිය වෙයි. ඒ නිසා ඒවා අනුභව කිරීමෙන් ශරීරයට හානි පැමිණිය හැකිය.* නරක් වූ මාළු ටින් හඳුනා ගන්නේ ඒවායේ පෘෂ්ඨ නෙරා තිබීමෙනි.මාළු ටින් එකේ ඇති මාළු නරක් වූ විට නොයෙක් අම්ල සෑදේ. ඒ නිසා ටින් එක තුළ පීඩනය වැඩි වී පිටතට නෙරයි.* වර්ෂා දිනවල මුත‍්‍රා යාම වැඩිය.වර්ෂා දිනයක පරිසරය සිසිල් නිසා දහදිය වාෂ්පීකරණය සිදු නොවේ. එවිට දහදිය ආධාරයෙන් පිටවීමට යෙදුන බහිඝ‍්‍රාවීය ද්‍රව්‍ය පිට නොවන නිසා ඒවා මූත‍්‍රා ආකාරයෙන් පිටවීම සඳහා මුත‍්‍රාශය කරා යයි. එම නිසා වර්ෂා දිනවල මුත‍්‍රා වැඩිපුර යාම සිදු වේ.* ශීත දිනවලවැඩි බඩගින්නක් දැනේ.ශීත දිනවලදී ශරීරය තුළ තාපය රඳවා තබා ගත යුතු වේ. මේ සඳහා වැඩි ආහාර ප‍්‍රමාණයක් ශරීරයට අවශ්‍ය නිසා වැඩියෙන් බඩගිනි දැනේ.

*ශ‍්‍රී ලංකාවේ පරිසරය ලෝහ විඛාදනයට හිතකරය.ශ‍්‍රී ලංකාව වටා ඇත්තේ මහා සාගරයයි. එහි ජලය සුර්ය තාපය නිසා වාෂ්ප වේ. මෙම වාෂ්ප වල ලවණ අඩංගු වේ. මෙම ලුණු මිශ‍්‍ර ජල වාෂ්ප ලෝහ සමඟ ගැටීමෙන් ප‍්‍රතික‍්‍රියා කරයි. අධික උෂ්ණත්වයද මෙයට බලපාන බැවින් ලෝහ විඛාදනය හොඳීන් සිදුවේ.
*වවුලා රාති‍්‍රයට බාධක මගහැර පියාසර කරයි.වවුලා පියාසර කිරීමේදී කටින් නිකුත් කරන අතිධ්වනි තරංග බාධකයේ වැදී පරාවර්තනය වීම නිසා ඌට ඇසෙන දෝංකාර හඬ ප‍්‍රතිග‍්‍රහණය කිරීමෙන් එම බාධක හඳුනාගනී.
*විකිණීමට ඇති ඉඳීකටු ඇළුමිනියම් පත‍්‍රවල ඔතා ඇත.ඉඳීකටු තනා ඇත්තේ වානේ වලිනි. ඇළුමිනියම් වානේ වලට වඩා සකි‍්‍රයතාවයෙන් වැඩිය මේ නිසා ඇළුමිනියම් පත‍්‍ර මඟින් ඉඳීකටු මළ බැඳීම වළක්වයි.
*වගාබිමකට පොහොර දැමිම අවශ්‍ය වුවත්.වනාන්තරයක කොළ අතු සියල්ල දිරාපත්වී නැවත පසටම එකතු වන බැවින් පසෙන් ලබා ගන්නා මුලද්‍රව්‍ය නැවත පසට එකතුවේ. වගාබිමක අස්වැන්න නෙළා ගෙන ඉවත් කරන බැවින් පස නිසරුවේ. මෙය දිගින් දිගටම සිදුවන බැවින් පොහොර යෙදීමට සිදුවේ.
* හුමාලයෙන් පිළිස්සීම තදබලය.නටන ජලයට වඩා හුමාලයේ අඩංගු තාප ප‍්‍රමාණය වැඩිය. හුමාලය සමට වැදුණු විට මෙම අතිරේක ගුප්ත තාපයද පිළිස්සීමට දායක වේ. නටන ජලයෙන් මෙම අතිරේක තාපය නොලැබේ.
* හ‍ඳේ සිට පණිවුඩ එවීමේදීපෘථිවිය හා චන්ද්‍රයා අතර රික්තක පෙදෙසක් හමුවේ. ධ්වනි තරංග රික්ත තුළින් ගමන් නොකරන නිසා ධ්වනි තරංග වලින් පණිවුඩ හුවමාරු කිරීමට නොහැකි වේ.
*අක්මාවේ ආබාධ ඇති අයට තෙල් ආහාර නුසුදුසුය.අක්මාවේ ඇති පිත් යුෂයෙන් තෙල් සහිත ආහාර තෛලෝදකරණය කරයි. අක්මාවේ ආබාධ ඇතිවිට මෙසේ කි‍්‍රයා කිරීම දුෂ්කර වේ. තවද තෙල් සහිත ආහාර ගැනීමෙන් පිත්යුෂ ස‍්‍රාවයට උත්සාහ කරන නිසා තව තවත් කාර්යයන් වැඩි වීමෙන් අක්මාවේ ආබාධය උත්සන්න වේ.
*අත්තක පොතු වළලු ගැසු විට එහි ඵලදාව වැඩිවේ.ශාකයක ආහාර පරිවහනය සිදු වන්නේ ප්ලෝයම පටක මගිනි. පොතු වළලු ගැසීමේදී එම ස්ථානයෙන් ප්ලෝයම පටකය සම්පුර්ණයෙන්ම ඉවත් වන බැවින් අත්තේ පත‍්‍ර මගින් නිපදවන ආහාර ශාකයේ පහළ කොටස් කරා පරිවහණය නොවී එහි රුස්වේ. අධික ආහාර ප‍්‍රමාණයක් රුස්වෙන බැවින් එහි සෑදෙන ඵල ප‍්‍රමාණයද වැඩිවේ.


Saturday, September 17, 2011

Counter Strike - World popular shooter game හොදම ගෙම් එකක් නම් ඉතින්


Steam Client including Counter Strike 1.6

Counter Strike was at first a modification of Half-Life, called “Half-Life: Counter Strike”. Its popularity increased rapidly and it became an individual game.

Play the most popular online team-based action shooter! Support your teammates, complete missions, eliminate all your opponents and take out their sites to win.

Quickly access Valve games like Half-Life, Counter-Strike and Counter-Strike Condition Zero through Steam. Steam provides an instant-message client that also works in-game and updates the games automatically.

Although Steam is an online gaming platform, it’s basically a distributed file system and shared set of technology components that can be implemented into any other software application. Steam is an easy way to access a variety of Valve games, including games like Counter-Strike 1.6, which introduces the new riot shield, the official CS bot and more.


System requirement

Minimum: 500 mhz processor, 96mb ram, 16mb video card, Windows 2000/XP/ME/SE, Mouse, Keyboard, Internet Connection

Recommended: 800 mhz processor, 128mb ram, 32mb+ video card, Windows 2000/XP, Mouse, Keyboard, Internet Connection



  






Tuesday, September 13, 2011

ලස්සන සිංදු 50 ක්




























සැම දෙනාම කැමතියිනේ ඉතින් ලස්සන සිංදු අහන්න ඔන්න මට හම්බුනා ලස්සන සිංදු ටිකක් විශාරද නන්දා මලනි ගේ මේ සිංදු ටික ඔක්කොම ලස්සනයි. මිඩියාෆාය වලින් තමා අෆ්ලොඩ් කලේ ඩවුන් ලොඩ් කර ගන්නත් ලේසියි. ඔක්කොම සිංදු පනහක් තියනවා..........එකෙන් එක අෆ්ලොඩ් කරේ එක නිසා බා ගන්න ලේසියි තොරගෙන.

   ඔයාලාගේ කොමෙන්ට් එකක් බලා පොරොත්තු වෙනවා...................:)
       මේන්න ලින්ක් එක මේන්න මෙතනින් බා ගන්න