ඇත්තෙන්ම අපි මේ සම්බුද්ධත්ව ජයන්තිය මීට කලින් අහපු, සමරපු දෙයක් නෙවේ. ඒකයි බොහෝ අයට ඒක නුහුරට ඇහෙන්නේ. මේ සුන්දර සිතිවිල්ල මුලින්ම ඇතිවුනේ අපේ කාලයේ පහළ වූ උදාරතර මිනිසකුගේ පරම සුන්දර වූ හද මඬලක. අප ගුරු දේවෝත්තම, පරම කළ්‍යාණමිත්‍ර පූජනීය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ සිතේ තමයි මේ උදාර සිතිවිල්ල පහල වුනේ. ඒක සිද්ධ වුනේත් මහා පින්වන්ත භූමියකදී. ඒ ගයාවේ බෝමැඩ අසළදී. ඉතින් එදා ඒ ආකාරයට ඇතිවුන සිතිවිල්ල කෙමෙන් සමාජගත වුනා. දැන් අපි ඒ උදාරතර, අසිරිමත් නිමේෂයේ එළිපත්තට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි හිතුවා මේ පණිවුඩය හැකිතාක් බෞද්ධ සමාජය තුළට ගෙනයන්න. හුදු පණිවුඩයක් විදියට නම් නෙවේ. විධිමත්, අර්ථවත් වැඩපිළිවෙලක් ඔස්සේ. බුදුරජාණන් වහන්සේගේ ඒ පරම ගාම්භීර වූ සත්‍යවාදී ධර්මය සියළු ලෝ සත හට විවර කරන්නට මේක හොඳ අවස්ථාවක්. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 45ක් පුරාවටම ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් සිද්ධ කරන ලද්දේත් ඒ දේමනේ අපෙ දෙයට්‍ර කමති ඔනම කෙනෙක් මෙම ගෘපය සමග අකතු වන්න https://www.facebook.com/home.php?sk=group_205598329472249
Sunday, May 1, 2011
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment